get our extension

Pages

Monday, January 19, 2015

CWM , TWRP Recovery මොනවද මේ....??? (දෙවැනි කොටස)



පළවෙනි කොටහෙන් කියලා දුන්නානේ ඔයාගේ Phone එකට හරියන CWM , TWRP Recovery එක Download කරන හැටියි , ඔය Recovery කියන්නේ මොකක්ද කියන එකයි....

අද මම කියලා දෙන්නේ ඔය CWM හරි , TWRP හරි Phone එකට දාගෙන හොඳ පිස්සුවක් නටන්නේ කොහොමද කියලා.....!!!

මම දැන් කියල දෙන්නේ Samsung වලට ඔය දෙකෙන් එකක් ගහන හැටි....

1) මුලින්ම ඔයා බාගත්ත CWM හරි TWRP Recovery හරි Zip File එක ඔයාගේ Micro SD එකට Copy කරගන්න.

2) දැන් Phone එක Off කරලා Home + Volume Up + Power Button එකම වෙලාවේ Press කරන්න.

3) Phone එක Vibrate වෙලා Samsung Model Logo එක ආපු ගමන් ඔය Button තුන අතඅරින්න.

4) දැන් ඔයා කවදාවත් දැකලා නැති Computer Bios වගේ Menu එකක් එයි.
ඕක තමා Samsung වලට එන Stock Recovery එක.

5) දැන් ඔය Menu එකේ Touch වැඩ කරන්නේ නෑ... Volume Up , Down Button වලින් තමා උඩට , පහළට යන්නේ..... Power button එකෙන් තමා Select කරන්නේ... Back කරන්න ඕනේ නම් උඩටම ගිහින් ( /......) කියන එක Select කරන්න.

6) දැන් ඔයා ඕකේ තියෙන Install zip from sd card කියන එකට ගිහින් ඔයා Download කරපු Zip File එක Select කරලා Install කරන්න.

7) Install Complete කියලා ආවට පස්සේ Reboot Now දීලා ආයිත් Phone එක Off කරලා ආයිත් අර Button තුන ඔබලා Recovery එකට එන්න.

8) දැන් ඔයා download කරලා Install කරපු අළුත් Recovery එකට එයි.

9) ඔයා Download කලේ .tar File එකක් නම් ඔයාගේ Phone එකට හරියන Odin Software එක හොයාගන්න. CWM හොයාගත්ත විදියට CWM වෙනුවට Odin කියලා Type කරන්න.

10) දැන් Samsungs Drivers Download කරගන්න.

Download Samsung Drivers

10) දැන් ඔයාගේ කොම්පූටරේට Odin.zip එක Copy කරලා Winrar හරි WinZip වලින් හරි Extract කරගන්න. දැන් Samsung Drivers Install කරගන්න.

11) දැන් අපි Phone එකේ Download Mode එකට යන්න ඕනේ.

12) දැන් ඔයා Phone එකේ Home + Volume Down + Power Button කියන තුන Press කරලා ආයිත් අර විදියට Vibrate වෙලා Samsung Model Logo එක ආපු ගමන් ඒ Button තුන අතඅරින්න ඕනා....

13) ඊට පස්සේ එන Menu එකේදී Volume Up ඔබලා ඔයා Download Mode එකට යනවා කියන එක Confirm කරන්න ඕනා.

14) දැන් Phone එක USB Cable එකකින් Computer එකට Connect කරන්න.

15) දැන් Odin.exe එක Open කරලා වම් අත පැත්තේ උඩ කොණේ පොඩි කොටුවක් නිල් පාට (මොකක් හරි පාටක්) වෙලා නම් ඒ කියන්නේ ඔයාගේ Phone එක Odin වලින් අරන්. දැන් දකුණු අත පැත්තේ කොණට වෙන්න Button හතරක් තියෙනවා එකේ PDA කියන Button එක ඔබලා ඔයා download කරගත්ත .tar file එක Select කරන්න. (ඔක්කොටම කලින් ඒක Computer එකට Copy කරගන්න)

16) අනිවා Odin එකේ Auto Reboot එකයි , F.reset Time කියන එවයි අනිවා ටික් කරන්න.

17) ඊට පස්සේ Start Button එක ඔබලා ටික වෙලාවකින් Phone එක Reboot වෙයි.

18) දැන් Home + Volume Up + Power Button ඔබලා අළුත් Recovery එකට යන්න.

හම්ම....!!! දැන් කොටලම මගේ අත පුල් මාවලස් වෙලා තියෙන්නේ....!!!!  අදට මේ ඇති... ඊළඟ පාර දාන්නම්කෝ Recovery එකෙන් Backup එකක් දාන හැටි....

එහෙනම් මම ගියා Comment එකක් දාගෙනම යන්නකෝ......!!!

0 comments:

Post a Comment