get our extension

Pages

Tuesday, January 13, 2015

CWM , TWRP Recovery මොනාද මේ.....???




හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න.....
ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

1) ඒක්කො කොහෙන් හරි අහගෙන පෝන් එක root කරලා කෙළව ගන්නවා....
2) පෝන් එක Slow කියලා ඒක Speed කරගන්න Custom Rom එකක් ගහන්න ගිහින් කෙලව ගන්නවා...
3) නැත්තන් පෝන් එකට හරියන්නේ නැති App එකක් ගහලා කෙළව ගන්නවා

ඔන්න ඔය ටිකටයි , තව ප්‍රශ්න ගොඩකටයි විසඳුම තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ....
දැන් ඉතින් අර තුනෙන් එකක් කරලා කෙළව ගත්තා කියමුකෝ...
දැන් ඉතින් Google දෙයියන්ට වැඳ වැඳ , Fb Group වල Post දදා පස්ස රත් කරන් හොයනවා පෝන් එක ගොඩ දාන විදිය.... (මටත් ඕකමනේ වුනේ)

ඔයාගෙ Phone එකේ CWM install කරලා Backup එකක් ගහගෙන තිබ්බනම් ඔයාට ඔච්චර කට්ට කන්න වෙන්නේ නෑ.....

CWM කියන්නේ ClockWork Mod Recovery කියන එක
TWRP කියන්නේ Team Win Recovery Project කියන එක

මේ දෙක හරියට Computer එකක Baios වගේ.... ඒත් ඊට වඩා සෙල්ලම් දාන්න පුලුවන්....
අපිට පුලුවන් මේකෙන් ,

1) Backup ගහන්න , ඒවා ආයි resotore කරන්න.
2) පෝන් එකට App එකක් ගහලා කෙළ වුනොත් ඒක Software නොගහා ගොඩ දාන්න.
3) පෝන් එකට Custom Rom ගහන්න.
4) Storage Partition කරන්න.... තව වැඩ ගොඩායි.....




මේහෙමයි ඕක Download කරන්නේ,

1) මුලින්ම ඔයා යන්න Google දෙයියා ළඟට , ගිහින් එයාගේ පිංපොතේ Type කරන්න ඔයාගෙ පෝන් මොඩල් එකයි අන්තිමට Cwm Xda කියලයි.....
උදා : Samsung Galaxy SM T111 Cwm xda

2) දැන් එන පළවෙනි site එකට යන්න.
(එකේ url එක තියෙන්නේ forum.xdadevolopers.com/..... ඔන්න ඔහොම)

3) දැන් ඒ Site එකේ යට....ම ඇති Download CWM for (ඔයාගෙ පෝන් මොඩල් එක)

4) දැන් ඕක Download වෙයි Cwm Recovery.zip කියලා

5) ඔයාගේ පෝන් මොඩල් එකට සමහර විට Cwm නැති වෙන්න පුලුවන්....
එතකොට ඔයා කරන්න ඕනා Cwm වෙනුවට TWRP කියලා Google පිංපොතේ ලියන එක

6) ඒක Download වෙන්නේ Twrp Recovery.tar.md5 කියලා හරි Twrp Recovery.zip කියලා හරි....

Download කරද්දි අවුලක් ගියොත් මේකේ Comment එකක් දාලා අහන්න.....
අපි ඊළඟ Post එකෙන් බලමු මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා........

3 comments: