get our extension

Pages

Wednesday, February 11, 2015

Facebook Spam (මුහුණුපොතේ වයිරස් ගැන)




මේ දිනවල Facebook තුල වේගයෙන් ව්යාප්ත වන scam
එකක් පිලිබදවයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට
බලාපොරොත්තු වෙන්නේ.
නිරුවත් පින්තුරයක් සහිතව
වීඩියෝවක් ලෙසින් Facebook පරිශීලකයින්ගේ වෝල් වල
සබැදියක් පල කරමින්, එම post මිතුරන් හට tag කිරීම
මෙම Facebook Tag Scam එකේ ස්වබාවයයි.
එම නිරුවත් පින්තුරය
නිසාවෙන් ඇතිවන කුතුහලය නිසා යම්
අයෙක් එම සබැඳිය ක්ලික් කලෝතින් එම පුද්ගලයාව
වෙනත් වෙබ් පිටුවක් වෙත ගෙන යනු ලබනවා.
Facebook හා සමාන එම වෙබ් පිටුව තුල YouTube වීඩියෝ දැකගත
හැකියි.
එම පිටුවෙහි source දෙස බැලූවිට encrypted JavaScript
codes දැකගත හැකියි.
එම JavaScript මගින් scam
එකට ගොදුරු වූ පුද්ගලයා බාවිතාකරන වෙබ් ගවේශකය
හා මෙහෙයුම් පද්දතිය හදුනාගනු ලබනවා.
එම පුද්ගලයා එම වෙබ් පිටුව වෙත පිවිස තිබෙන්නේ iOS
හෝ Android උපාංගයකින් නම් ඔහුව YouTube වීඩියෝ ඇතුලත්
වෙනත් වෙබ් පිටුවකට redirect කරනු
ලබනවා. එම උපාංග සදහා මෙම වෙබ් අඩවියෙන් කිසිදු
හානියක් හෝ බලපෑමක් ඇතිවන්නේ නැහැ. ?
නමුත් Chrome වෙබ් ගවේශකය ක්රියාත්මක වන
Windows හෝ Mac OS X පරිශීලකයින්ගෙන් browser
extension එකක් ස්ථාපිත කිරීම සදහා විමසනු ලබනවා.
එය අනුමත කරමින් යම් අයෙක් එම extension එක
බ්රවුසරයේ ස්ථාපිත කරගතහොත් එතැන් පටන් එම
extension එකට හැකියාව ලැබෙනවා පරිශීලකයා වෙනුවෙන්
ඔහු හෝ ඇය පිවිසෙන වෙබ් අඩවි වල ඇති දත්ත කියවීමට
හා වෙනස් කිරීමට.
මෙමextension එක තුල background.js නමින් ෆයිල්
එකක් ඇති අතර ඒ තුල encripted JavaScript කේතයන්
දැකගත හැකියි.
මෙම scam එක දියත් කල පුද්ගලයින් යටතේ ඇති වෙබ්
අඩවියක ඇති sssssefv.js නම් file එකක් වෙත එම
කේතයන් පොයින්ට් කර ඇති බව, එම කේතයන් decrypt
කර බැලූ විට දැකගත හැකියි. මෙයට ගොදුරු වූවන්ගේ කිසිදු
අනුදැනුමකින් තොරව ඔවුන්ගේ Facebook wall වල පෝස්ට් වන නිරුවත් පින්තූර
ඇතුලත් සබැදි හා මිතුරන් ටැග් කිරීම යන සියලුම
දේ මෙහෙයවනු ලබන්නේ එම script එක මගිනුයි.
ඉතින් දැන් ඔබ දන්නවා මෙම scam එකේ ස්වබාවය
හා එහි ක්රියාකාරිත්වය පිලිබදව.
Facebook තුල ඔබ
දකින මෙවැනි දෑ මත ක්ලික් කිරීමෙට පෙර දෙවරක් සිතන්න.
මේ පිලිබදව ඔබ දැනුවත් වුවා සේම ඔබේ මිතුරන් දැනුවත්
කිරීම ඔබේ යුතුකමයි.
       
   

0 comments:

Post a Comment