get our extension

Pages

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!

ඕන් අද කියලා දෙන්නේ Root කරන්න ලේසිම හා සරලම ක්‍රමේ........

CWM , TWRP Recovery මොනාද මේ.....???

හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න..... ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

Root නැතුව Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!

අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්.... ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ... ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ. ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA) දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....

මොකක්ද මේ Root....???

Root කියන්නේ මේකයි..... Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......

Saturday, April 18, 2015

Blog Views 15000 පසුකරයි........!!!!



කෝමෙයි ඔයාලට......?????
ඔක්කොටම කලින් ඉතින් කියන්න ඕනෙනේ මේක......



හම්මේ ඔන්න කාලෙකට පස්සේ පෝස්ට් එකක් දානවා.... මේ වෙද්දී Blog එකේ Visitor Count එක 15000ත් පැනලා....!! :D


ඒත් කස්ටිය බලනවා ඇති Need for Speed - No Limits වල Banner එකක් තියෙන්නේ ඇයි කියලා...
ඒ මොකද කිව්වොත් ,
මේකට සප් එක දීපු හැමෝටම මගේ ස්තුතිය පුද කරන ගමන් පොඩි පගාවක් විදියට මම අද ඉදන් ඔයාලට Android Games දෙනවා....

අද ඉතීම් ඔයාලට දෙන්නේ අලුතෙන්ම ආපු Need for Speed - No Limits....!!!



හම්මේ ඉතීම් නෙහ්.....!!

වැඩි කතා ඕනෙ නෑ ඔන්න බඩු බාගන්න..... (ඔයාලගේ Phone එකේ GPU එකට හරියන එක බාගන්න)


Adreno APK

Adreno OBB





Mali APK


Mali OBB





Power VR APK


Power VR OBB





Tegra APK


Tegra OBB




ඕන් එහෙනම් මං ගියා..... Share පාරක් දීලම පලයල්ලා නැත්තම් Game වැඩ කරන එකක් නෑ.....

Sunday, February 15, 2015

IMEI Null වලට ගොඩ වෙදකම හරියනවද.....???



මොකද්ද මේ IMEI නල්???? ඒක ගැන සමහරු නම් අහලත් නැතිව
ඇති. නල්(null) කියන්නේ සිංහලෙන් ශූන්යයට.
ඉමි නල් කියන්නේ ස්මාර්ට්පෝන් වලට වැලදෙන රෝගයක්. 5%ත්
8% අතර වගේ මෙම රෝගය වැලදීමේ අවධානමක් ඔබේ පෝන්
එකටත් තියෙනවා. මොකද මේක ඔබගේ පාවිච්චියේ වරදක් මත
ඇති වන්නක් නොවේ. මේ රෝගයේ දැකිය හැකි රෝග ලක්ෂණ
නම්..
1. *#06# යොදා imei අංකය පරීකෂා කළ විට පෝන් එකෙහි
සුපුරුද imei අංකය වෙනුවට null/null ලෙස දිස්වීම.
2. Settings/about phone ඔස්සේ ගොස් baseband version
පරීක්ශා කළ විට Unknown ලෙස දිස්වීම.
3. ඇමතුම්/කෙටි පණිවුඩ සේවා/මොබයිල් ඩේටා සේවා සියල්ල
ක්රියාවහිත වීම.
ඉහත රෝග ලක්ෂණ සමග පහත මාරාන්තික රෝග ලක්ෂණද
පෙන්වන්නේ නම් ඔබගේ පෝන් රාජයා අමතක කරනු යහපති.
1. පෝන් එකෙහි cpu එක පවතින් ඉහල පෙදෙස(S3 එකෙහි නම්
පහළ පෙදෙස) #අධිකව රත් වීම.
2. පැය 2ක් යාමට මත්තෙන් 100% සිට 0% දක්වා බැටරි බැස
ගොස් ක්රියා විරහිත වීම.



*ඉහත මාරාන්තික රෝග ලක්ෂණ නොපෙන්වන්නෙ නම් පමණක්
ගොඩ වෙදකමක් ලෙස stock rom එක odin එකෙන් ගසා බලන්න.
එසේ නොහේ නම් වහාම රෝගියා හොදම ස්මර්ට්පෝන්
රෙපෙයාර් ශොප් එකකට රැගෙනයන්ට.
ඉතින් ඔන්න ඔය කියන ඉමි නම්බර් එක නල් වෙන රෝගෙටත් ඩෙංගු
වලට වගේ අවස්තා 2ක් තියෙනව.
ඒකියන්නේ..මේ ඉමි නල් කේස් එක අවස්තා 2කදී ඇතිවෙන්න
පුලුවන්.
1.පෝන් එකෙහි efa partition එක කොරප්ට් උනාම.
2.පෝන් එකෙහි modem(baseband) ic හානි වූ විට.(මාරාන්තිකයි)
ඉහත 1 හි පරිදි efs partition එකෙහි data කරප්ට් වූ විටද ඉමි
නම්බරේ නල් ලෙස දිස්වන්නේ..පෝන් එකේ අනන්යතාව අඩංගු
වන්නෙ efs partition එකෙහි වන බැවිනි. Efs partition යනු පිටතින්
දැකිය නොහැකි.. root කර system/ තුළට ගිය විට පමණක් දැකිය
හැකි සගවුණු partition එකකි. ඔබේ Imei නම්බරය encrypt කර
තබා ඇත්තේද මෙහිය. රොම් ගැහුවාට මෙම පාර්ටිශන් එක
format වෙන්නෙ නැත. නමුත් රොම් ගසන විට මෙහි දත්ත වලට
හානි වී imei null විය හැක. Imei නැති පෝන් එකක් නෙට්වක්
කැරියර් විසින් ඔවුන්ගේ නෙට්වර්ක් එකෙහි රෙජිස්ටර්
කරගන්නේ නැති බැවින් ඔබගේ පෝන් එකෙහි සියලු
සබදතා ඇණහිටිනු ඇත. නමුත් efs corrupt හේතුවෙන් ඔබගේ imei
null වී ඇත්නම් මෙය සාදා ගැනීමට පහසුය. වහාම smartphone
රෙපෙයාර් shop එකකට යන්න.
අංක 2හි පරිදි මාරාන්තික වන්නෙ imei null වී ඔබගෙ පෝන් එක
අධිකව heat වන්නේ නම් හා බැටරිය ක්ෂණයෙන් බැස යන්නේ නම්
පමණි. එසේ වන්නේ නම් අදාළ modem(baseband ic) ය ලුහුවත්
(short) වේ. Modem ic මාරු කිරීම කළ නොහැකිය. මන්ද
බොහෝ චිපයන්හි modem ic පිහිටුවා ඇත්තේද cpu (soc-system
on chip) මත බැවිනි. Cpu replace කළ නොහැක.
ඒ හැර #සමහරු කියන පරිදි stock rom ගැසූ සැණින් imei null/
baseband unknown රෝග හරිගස්සන්ට බැරිය.

වෙදකම පිටපත - තිසර සොනාල් නොහොත් තරිදු

Friday, February 13, 2015

Samsung Olleh vs. Anycall vs. LG U+



ශ්රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත්
ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන
පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය
හිතන්නේ කියන්නේ Korean version, International version
එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version
එකට Anycall කියලත් කියනවා.
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........
මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක්
තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්,
දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
International version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
Korean version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-
EXXX
US/Canada version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
Japan version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත්
අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version
විතරයි Original කියලා.
South Korean වල Network provider company 3 ක්
තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel,
Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි
ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
1. SK Telecom
2. Korean Telecom
3. LG U+ Corporation



SK Telecom company එකෙන් තමයි Anycall (ශ්රි
ලංකාවේ ගොඩක් ප්රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ



Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත්
කරන්නේ



LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත්
කරන්නේ
බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට
මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
පහත පින්තුරවල තියෙනවා Logo.
Anycall
Olleh
LG U+
සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක
තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන
වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S
තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L
තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV
කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G
Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
උදාහරණ
S >>> SHW-M110S
S2 >>> SHW-M250S, SHW-M250K
S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-
E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-
E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-
E210L
S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-
E300L
S4 Lte-A >>> SHV-E330S
Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-
E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-
E250L
SHW හෝ SHV වලින් Model no. පටන්
ගන්නේ නැතිනම් එක original korean version
එකක් නෙවෙයි.
Original Korean දුරකතනවල Ariel එකක්
තියෙනවා. Ariel එක Original Korean එකක්
හඳුනාගන්න තියෙන හොඳම ක්රමයක්.
Original Korean දුරකතනවල බැටරි එක අයින්
කලාම housing එකේ අලවලා තියෙන sticker
එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට
කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල
තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව
දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු
පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර)
තියෙන්නේ Original Korean version විතරමයි.



Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න.
අපේ රටේ තේ බොන විදියට නෙවෙයි
කොරියානුවෝ phone හදන්නේ. ඒ
කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea)
නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත්
කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට
පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි
හදන්නේ.
අපේ රටේ තියෙන international version දුරකතන
හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන
ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.
අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new
කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads
දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups
වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.
ඒවා විකුණන්නේ "Made by Samsung by Korea"
හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත්
මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත්
නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි
බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE
එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න.
ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No.
එක දිලා තියෙන්නේ international version එකේ model no.
eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version
එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500
නෙවෙයි.

වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත්
13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2
එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original
Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක??? මම නම්
හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක්
ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone
ගන්න එක හොඳයි කියලා.
********************************************************
**************************
ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය
අපේ අයට ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්,
අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න.
අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත් අමතක කරන්න
එපා.

#උපුටා ගැනීමකි.
       
 

Wednesday, February 11, 2015

Facebook Spam (මුහුණුපොතේ වයිරස් ගැන)




මේ දිනවල Facebook තුල වේගයෙන් ව්යාප්ත වන scam
එකක් පිලිබදවයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට
බලාපොරොත්තු වෙන්නේ.
නිරුවත් පින්තුරයක් සහිතව
වීඩියෝවක් ලෙසින් Facebook පරිශීලකයින්ගේ වෝල් වල
සබැදියක් පල කරමින්, එම post මිතුරන් හට tag කිරීම
මෙම Facebook Tag Scam එකේ ස්වබාවයයි.
එම නිරුවත් පින්තුරය
නිසාවෙන් ඇතිවන කුතුහලය නිසා යම්
අයෙක් එම සබැඳිය ක්ලික් කලෝතින් එම පුද්ගලයාව
වෙනත් වෙබ් පිටුවක් වෙත ගෙන යනු ලබනවා.
Facebook හා සමාන එම වෙබ් පිටුව තුල YouTube වීඩියෝ දැකගත
හැකියි.
එම පිටුවෙහි source දෙස බැලූවිට encrypted JavaScript
codes දැකගත හැකියි.
එම JavaScript මගින් scam
එකට ගොදුරු වූ පුද්ගලයා බාවිතාකරන වෙබ් ගවේශකය
හා මෙහෙයුම් පද්දතිය හදුනාගනු ලබනවා.
එම පුද්ගලයා එම වෙබ් පිටුව වෙත පිවිස තිබෙන්නේ iOS
හෝ Android උපාංගයකින් නම් ඔහුව YouTube වීඩියෝ ඇතුලත්
වෙනත් වෙබ් පිටුවකට redirect කරනු
ලබනවා. එම උපාංග සදහා මෙම වෙබ් අඩවියෙන් කිසිදු
හානියක් හෝ බලපෑමක් ඇතිවන්නේ නැහැ. ?
නමුත් Chrome වෙබ් ගවේශකය ක්රියාත්මක වන
Windows හෝ Mac OS X පරිශීලකයින්ගෙන් browser
extension එකක් ස්ථාපිත කිරීම සදහා විමසනු ලබනවා.
එය අනුමත කරමින් යම් අයෙක් එම extension එක
බ්රවුසරයේ ස්ථාපිත කරගතහොත් එතැන් පටන් එම
extension එකට හැකියාව ලැබෙනවා පරිශීලකයා වෙනුවෙන්
ඔහු හෝ ඇය පිවිසෙන වෙබ් අඩවි වල ඇති දත්ත කියවීමට
හා වෙනස් කිරීමට.
මෙමextension එක තුල background.js නමින් ෆයිල්
එකක් ඇති අතර ඒ තුල encripted JavaScript කේතයන්
දැකගත හැකියි.
මෙම scam එක දියත් කල පුද්ගලයින් යටතේ ඇති වෙබ්
අඩවියක ඇති sssssefv.js නම් file එකක් වෙත එම
කේතයන් පොයින්ට් කර ඇති බව, එම කේතයන් decrypt
කර බැලූ විට දැකගත හැකියි. මෙයට ගොදුරු වූවන්ගේ කිසිදු
අනුදැනුමකින් තොරව ඔවුන්ගේ Facebook wall වල පෝස්ට් වන නිරුවත් පින්තූර
ඇතුලත් සබැදි හා මිතුරන් ටැග් කිරීම යන සියලුම
දේ මෙහෙයවනු ලබන්නේ එම script එක මගිනුයි.
ඉතින් දැන් ඔබ දන්නවා මෙම scam එකේ ස්වබාවය
හා එහි ක්රියාකාරිත්වය පිලිබදව.
Facebook තුල ඔබ
දකින මෙවැනි දෑ මත ක්ලික් කිරීමෙට පෙර දෙවරක් සිතන්න.
මේ පිලිබදව ඔබ දැනුවත් වුවා සේම ඔබේ මිතුරන් දැනුවත්
කිරීම ඔබේ යුතුකමයි.
       
   

Saturday, February 7, 2015

Root කරපු නැති Phone එකෙන් සිංහලෙන් Internet යන හැටි.....!!!


සුබ දවසක් ඔයාලට.....!!! හම්මේ අදත් හිතුණා Post එකක් දාන්න.....

ඔන්න අද මම කියලා දෙන්නේ Root කරපු නැති Phone එකකින් සිංහල අකුරු පේන්න Internet යන හැටි......

Suba dawasak oyalata....!!! ada mama oyalata denne root karapu nathi phone eka sinhala website kiwanna puluwan widiyata hada ganna heti....!!!

මුලින්ම මේ ටික Download කරගන්න.

Mulinma me tika Download karaganna.




දැන් ඔයා Download කරපු UC Browser එක Install කරගන්න.

Dan oya download karapu UC Browser eka Install karaganna.

UC Browser Install කළාට පස්සේ ඔයාගේ Internal Memory එකේ UC Downloads කියලා Folder එකක් ඇති.




UC Browser Install kalata passe oyage Internal Memory eke UC Downloads kiyala Folder ekak athi.

දැන් ඒ Folder එක ඇතුලේ Fonts කියලා Folder එකක් හදන්න.

Dan e Folder eka athule Fonts kiyala Folder ekak hadanna.





දැන් ඒ Fonts Folder එකට ගිහින් ඉස්සෙල්ලා ඔයා Download කරපු Iskoke Potha.ttf කියන එක Copy කරගන්න.

Dan e Fonts Folder ekata gihin issella oya Download karapu Iskole Potha.ttf kiyana eka Copy karanna.

එච්චරයි.....!!!
Echcharai....!!!




දැන් ඔයා UC Browser එකෙන් Sinhala Blog එකකට ගිහින් බලන්න.

Dan oya UC Browser eken Sinhala Blog ekakata gihin balanna.



       
   

Sunday, February 1, 2015

Root කරපු Phone වලට සුපිරි Battery Saver එකක්.......!!!


ඕන් අදත් ගෙනාවා සුපිරි භාණ්ඩයක්........
මේක Battery Saver / App Freeze ගණේට අයිති App 1ක්......
මේකේ නම Greenify.........!!!
මේකෙන් කරන්නේ Phone එකේ Apps Sleep කරන එක.......
මේකෙදී App 1ක් Sleep කළා කියන්නේ Battery එකයි , Ram එකයි සුපිරියටම Save වෙනවා.......!!!
මේ App එකේදි ඒකට කියන්නේ Hibernate කරනවා කියලා.....
මේ App එකේ Version 2ක් තියෙනවා. ඒ Free Version එකයි, Donation Package එකයි.
මේකේ Free Version එකේ System Apps Hibernate කරන්න බෑ......
මොකද ඉතිම් අපේ කස්ටිය දන්නවනේ වැඩියෙන්ම Battery එකයි , Memory එකයි කන්නේ System Apps කියලා.....
එතකොට අපිට Free Version එකෙන් වැඩක් නෑ........
මේ Donation Pacakge එක සල්ලි දීලා ගන්න ඕනා.......(අපි කවද්ද App සල්ලි දීලා ගත්තේ.......!!!)
මේ Donation Package එකේ Apk එක හම්බුනත් වැඩක් නෑ , Lucky Patcher වලින් Patch කරන්න ඕනා.... ඉතිම් මම ඔයාලට දෙන්නේ Greenify Patched APK එක........

Download Greenify Patched APK

 මෙහෙමයි මේක Use කරන්නේ......

මුලින්ම Xposed Open කරගන්න....

How To Use Xposed Installer



දැන් Modules වලට ගිහින් Greenify වලට tik එක දාලා Reboot කරන්න.



ආයි Modules වලට ගිහින් Greenify Open කරගන්න.

දැන් ඔකේ පළවෙනි එකේ තියෙන විදියට Boost කියන එක Select කරන්න.



දැන් පහළ තියෙන විදියට tik දාන්න.



දැන් ඒක Close කරලා දාලා App Menu එකෙන් Greenify Open කරගන්න.



Options වල Greenify Wizard වලට යන්න.



දැන් Show More Apps වල  හැම App එක Select කරන්න.



ඔක්කොම Select කලාට පස්සේ ඔය යට තියෙන tik එක ඔබන්න.

දැන් මේ වගේ Error එකක් එයි......!!!





එකේ Instist කියන එක දෙන්න......

ඔක්කොම ඉවර වුණාට පස්සේ Phone එක Reboot කරන්න.

Phone එක On වුණාට පස්සේ මේ වගේ Greenify Widget එක දාගන්න.....

දැන් මගෙන් මුකුත් නොඅහා Comment එකක් දාගෙන යන්න.....
නැත්තම් ඔයාගේ එක System App එකක්වත් Hibernate වෙන්නෙ නැතිවෙයි.....!!!